Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථානයේ භටපිරිස් රෝගීන් වෙනුවෙන් සිය රුධිරය දන්දෙති

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම යටතේ මාතලේ, නාවුල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථානයේ භටපිරිස්, දිවයින පුරා සීඝ්‍රයෙන් පැතිරගිය කොවිඩ්-19 වෛරසයත් සමඟ ඇතිවූ රුධිර හිඟතාවය සපුරාලීමට මාතලේ දිස්ත්‍රික් රෝහල සමඟ එක්ව රුධිර දන්දීමේ වැඩසටහනක් පසුගියදා පවත්වනු ලැබුහ.

මෙහිදි, විශේෂ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු 1 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයින් 122 දෙනෙකු මාතලේ දිස්ත්‍රික් රෝහල් රුධිර බැංකුව වෙත සිය රුධිරය දන්දීමට සඳහා යුහුසුලු වූහ.

කොවිඩ්-19 වෛරසය දිවයින පුරා පැතිරයාම ආරම්භවීමත් සමඟ විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ භටපිරිස් මේ වසරේ මාර්තු මාසයේ අවසන් සතියේ ද තවත් රුධිර පරිත්‍යාග වැඩසටහනක් දියත් කළහ. Authentic Nike Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp