Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th September 2020 11:28:26 Hours

විදේශයන්හි සිටි පැමිණි තවත් තිදෙනෙකුට වෙරසසය ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (29) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත 3 ක් හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයින් තිදෙනා (03) විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඔවුන් අතරින් පුද්ගලයින් 2 ක් ලෙබනන් සිට පැමිණ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, එක් විදේශීය නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය තුළින් වාර්තා වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (29) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 650 දෙනෙකු වේ.

අද (29) දින උදෑසන EY 264 දරණ මගී ගුවන් යානය මගින් අබුඩාබි සිට පුද්ගලයින් 24 ක්, QR 688 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 46 ක් සහ UL 218 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 27 ක් මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (29) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 297 ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව, පොම්පේමඩු නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 154 ක් ද, පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 03 ක් ද, කොස්ගොඩ ෂෙරටන් හොටෙල් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 108 ක් ද, හොටෙල් ඩොල්ෆින් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 30 ක් සහ රුවල කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 2 ක් වශයෙන් වේ. එසේම, අද (29) දිනය වනවිට පුද්ගලයින් 46,330 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (29) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 75 ක් තුළ පුද්ගලයින් 6,882 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (28) දිනය තුලදී PCR පරික්‍ෂණ 1203 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 284,059 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (29) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් 2 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර එම පුද්ගලයින් දෙදෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් ලෙස වාර්ථා වෙනවා.

එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 648 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 02 දෙනෙකු වේ. Adidas shoes | Jordan Ανδρικά • Summer SALE έως -50%