Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

විජයබාහු පාබල රෙජිමේන්තු රග්බි ක්‍රීඩකයින් ජයග්‍රහණය හිමිකරගැනීමත් සමඟ ‘බී‘ කාණ්ඩයට තරඟ වැඳිමට අවස්ථාව

ශ්‍රී ලංකා රග්බී හා පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන රග්බී තරඟාවලිය සඳහා ‘සී‘ කාණ්ඩය යටතේ කණ්ඩායම් 16 ක් තරඟ වැඳුණු අතර එහිදි ශුරතාවය හිමිකරගැනීමට විජයබාහු පාබල රෙජිමේන්තු රග්බී ක්‍රීඩකයින් සෙනසුරාදා (28) දින සමත් විය.

මෙම අවසන් තරඟය ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩාංගනයේ දී ඕල් වෙස්ලි ක්‍රීඩා සමාජය සහ විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම සමඟ පැවැති අතර එහිදි 34 – 0 ක් ලෙස ලකුණු සටහන් කරමින් ජයග්‍රහණය හිමිකරගැනීමට විජයබාහු පාබල රෙජිමේන්තු රග්බී ක්‍රීඩකයින් සමත්විය.

විජයබාහු පාබල රෙජිමේන්තු රග්බී ක්‍රීඩකයින් මෙම ජයග්‍රහණය ලැබීමත් සමඟ සමස්ථ තරඟාවලියේ ‘බී‘ කණ්ඩය යටතේ තරඟ වැඳිමට ද අවස්ථාව හිමිකරගත්හ. bridge media | Air Jordan Release Dates 2021 Updated , Gov