15th March 2024 14:06:45 Hours
වාද්දුව ‘ලයා බීච්’ හෝටලය මඟින් පවත්වනු ලබන මූලික සූපවේදී පාඨමාලාවේ සහතිකපත් ප්‍රධානෝත්සවය 2024 පෙබරවාරි මස 29 දින පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් සාමාජිකයන් 26 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මාස 04 ක කාලසීමාවක් පුරාවට මෙම පාඨමාලාව පැවැත්විණි.
සහතිකපත් ප්රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ‘ලයා’ හෝටල් ජාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි බ්‍රිගේඩියර් පී.ඒ.ඩී.ටී.යූ පෙරේරා ගේ සුරතින් සහතිකපත් ප්රදානය කෙරිණි. මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ හෝටල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ද සහභාගි වූහ.