Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

වයස අවුරුදු 25 න් පහල ජාතික බීච් වොලිබෝල් ශූරතාවය යුද්ධ හමුදා ක්‍රීඩකයින්ට

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සහයෝගයෙන් මෑතකදී මීගමුව පොදු වෙරළ උද්‍යානයේදී පැවති වාර්ෂික සන්ක්වික් ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලියේ 25 න් පහළ කාණ්ඩයේ ශූරතාවය ශ්‍රි ලංකා යුද්ධ හමුදා වොලිබෝල් ක්‍රීඩකයින් දිනා ගැනීමට සමත්විය.

මෙහිදි විවෘත, 20 න් පහළ සහ 25 න් පහළ (පිරිමි සහ කාන්තා) කාණ්ඩ 3 ක් යටතේ දිවයින පුරා කණ්ඩායම් 186 ක් තරඟාවලියට සහභාගී වූහ.

යුද්ධ හමුදා ක්‍රීඩකයින් ඔවුන්ගේ ප්‍රතිවාදීන්ට එරෙහිව ලකුණු 21-13, 17- 23 සහ 17-15ක් ලෙස ලකුණු ලබාගනිමින් එම තරගයේ ශූරයන් බවට පත්විය. Authentic Sneakers | Air Jordan