Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th October 2023 19:40:52 Hours

ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේදී යුද්ධ හමුදාවට රන් පදක්කම් 11

සුගතදාස, ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවති ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 06ක් සහ ලෝකඩ පදක්කම් 15ක් දිනා ගනිමින් ජයග්‍රාහී ලෙස තරඟාවලිය අවසන් කළහ.

ත්‍රිවිධ හමුදා බොක්සිං කණ්ඩායම් ඇතුළුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බොක්සිං ක්‍රීඩා සමාජවල සහභාගිත්වයෙන් තරගාවලිය ඔක්තෝබර් මස 01 දින සිට 04 දින දක්වා පැවැත්විණි.

ලේටන් කුසලාන බොක්සිං තරඟාවලිය ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධාන ජාතික බොක්සිං තරඟාවලියකි. යුද්ධ හමුදාව නියෝජනය කරමින් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් 44 දෙනෙකු තරඟාවලියට සහභාගී වූ අතර, එහිදී පිරිමි බොක්සිං ක්‍රීඩකයින් රන් පදක්කම් 08 ක්, රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 13 ක් දිනාගත් අතර, කාන්තා බොක්සිං ක්‍රීඩිකාවන් අවසන් මහා තරඟයේදී රන් පදක්කම් 03 ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වූහ.

කාන්තා අංශයේ දක්‍ෂතම බොක්සිං ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබළ එච්.කේ.එන්.එම් පෙරේරා සම්මාන ලැබීය.

අවසන් දින තරඟාවලිය නැරඹීම සඳහා යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ විශාල ප්‍රේක්‍ෂක පිරිසක් පැමිණ සිටියහ.