11th October 2023 23:09:14 Hours
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා (UNIFIL) මූලස්ථානයේ සේවය කරන විවිධ ජාතීන් ගේ සූපශාස්ත්‍ර හැකියාවන් ප්‍රදර්ශනය කරනු ලබන වසරේ කැපී පෙනෙන අංගයක් වන ‘ජාත්‍යන්තර ආහාර උළෙල සහ සංස්කෘතික ප්‍රදර්ශනය 2023’ ඉකුත් සිකුරාදා (ඔක්තෝබර් මස 6) දින නකෝරා හි පිහිටි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා (UNIFIL) මූලස්ථානයේ ජාත්‍යන්තර PX සංකීර්ණය ඉදිරිපිටදී පවත්වනු ලැබීය.
එක්සත් ජාතීන්ගේ අතුරු බලකා UNIFIL මූලස්ථානය විවිධ ජාතීන්ට අයත් සාම්ප්‍රදායික ආහාරපාන සහ සංස්කෘතික සංදර්ශන ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ අතුරු බලකා UNIFIL සුභසාධන හා ක්‍රීඩා කමිටුව (WRC) විසින් වාර්ෂිකව මෙම උත්සවය සංවිධානය කරනු ලැබේ.
14 ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම (SLFPC) භටපිරිස් විසින් සකස් කරන ලද සම්ප්‍රදායික ශ්‍රී ලාංකීය ආහාර පාන වර්ග ප්‍රදර්ශනය කරන ලදී. තවද ශ්‍රී ලංකා යුද්ධ හමුදා කැලිප්සෝ කණ්ඩායමේ සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද ජන නැටුම් සහ සංගීතය එම අවස්ථාවට ආකර්ෂණයක් එක් කළේය.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ලේබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා (UNIFIL) දූත මණ්ඩල ප්‍රධානී සහ බලසේනා අණදෙන නිලධාරී, මේජර් ජෙනරාල් අරොල්ඩෝ ලාසාරෝ සාන්ස් (Major General Aroldo Lázaro Sáenz), ලේබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL) නියෝජ්‍ය බලසේනාධිපති බ්‍රිගේඩියර් ජෙනරාල් චොක් බහදූර් ධකාල් (Brigadier General Chok Bahadur Dhakal) සහ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL) දූත මණ්ඩල සහය අධ්‍යක්‍ෂ මෙල්වා ක්රොච් (Melva Crouch) මහත්මිය සහභාගී වූවාය.
තවද මෙම අවස්ථාව සඳහා ලේබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සිවිල් වැසියන්, බලඇණි අණදෙන නිලධාරීන්, සාමසාධක භටයන්, 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ සේනාංකාධිපති, ලුතිනන් කර්නල් ඩී.පී.එල්.ටී කළුඅග්ගල, දෙවන අණදෙන නිලධාරී, මේජර් ඩබ්ලිව්.එම්.සී.කේ වන්නිනායක 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ නිලධාරීන් පිරිසක් එක් වූහ.