Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th May 2024 17:06:23 Hours

ලෙබනනයේ 15 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ 1 වන කාර්තුවේ උපකරණ පරීක්‍ෂාව සිදුකරයි

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ (UNIFIL) නියෝජිත කණ්ඩායමක් 2024 මැයි මස 17 දින 15 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම (SLFPC) ස්ථාපිත ලෙබනනයේ, නකෝරා හි ‘Sri Base’ කඳවුරු පරිශ්‍රය වෙත ගොස් මෙම වසරේ 1 වන කාර්තුවේ උපකරණ පරීක්‍ෂාව (COE) සිදුකරන ලදී.

ශ්‍රී ලංකා රජය සහ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය අතර පවතින අවබෝධතා ගිවිසුමට අනුව ලෙබනනයේ සාමසාධක මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය වෙතින් සපයනු ලබන උපකරණවල ක්‍රියාකාරීත්වය, තත්ත්වය පිළිබඳ දැනුවත් වීම, සන්නිවේදනය, පුහුණු සහ සැපයුම් කළමණාකරණය පිළිබඳ මෙහිදී නිරීක්‍ෂණය කරනු ලැබීය.