Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th May 2025 16:02:26 Hours

ලායා හෝටල් සමූහයේ කළමනාකරණ මණ්ඩලයේ සභාපති ලායා වේව්ස් හී නිරික්‍ෂණ සංචාරයක

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ලායා හෝටල් සමූහයේ කළමනාකරණ මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc 2025 මැයි මස 10 දින කල්කුඩා හි පිහිටි ලායා වේව්ස් හෝටල් සංකීර්ණයේ නිරික්‍ෂණ සංචාරයක නිරත විය. මෙම සංචාරයේදී නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් වැඩිපුර සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා රට පුරා ලායා හෝටල් සන්නාමය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනාගෙන ඒ පිළිබඳව සාකච්ඡා කරන ලදී.

එසේම එහිදී ශ්‍රී ලංකාවේ අනෙකුත් හෝටල් සමූහයන්ට අනුකූලව මෙම හෝටලයේ ප්‍රමිතීන් සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට සහ එය පවත්වාගෙන යාමට මෙන්ම සේවයේ නියුතු සහ විශ්‍රාමික නිලධාරින් සහ සෙසු නිලයන් සඳහා ලබාදිය හැකි ඉහලම සුභසාධන පහසුකම් ලබා දීමට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් කාර්ය මණ්ඩලය වෙත උපදෙස් ලබා දෙන ලදී. මෙම අවස්ථාවේදී නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් එම හෝටල් කාර්ය මණ්ඩලය විසින් සිදු කරනු ලබන කැපවූ සේවය අගය කිරීමටත් ඔවුන්ව දිරිගැන්වීමටත් කටයුතු කරන ලදී.

මෙම නිරීක්‍ෂණ සංචාරය සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සමඟ ලායා වේව්ස් හි සාමාන්‍යාධිකාරි ලුතිනන් කර්නල් පී.එම්.අයි.එම් පතිරාජ RWP RSP ජ්‍යෙෂ්ඨ නිලධාරි ද සහභාගි විය.