Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th January 2023 22:44:27 Hours

රෝහල්වල අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට 11 වන සේනාංකයේ භටපිරිස්හි සහයෝගය

රෝහල් සුළු සේවකයන්ගේ වැඩ වර්ජනයක් හේතුවෙන් පේරාදෙණිය ශික්‍ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල සහ නුවරඑළිය දිස්ත්‍රික් රෝහල යන රෝහල්වල අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම අඩපන වීම හේතුවෙන් එම රෝහල්වල කාර්යමණ්ඩලයේ ඉල්ලීමකට අනුව හදිසි වෛද්‍ය සේවා කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ භටපිරිස් පසුගිය සඳුදා (9) දින සිය දායකත්වය ලබාදුන්හ.

2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 111 සහ 112 වන බලසේනාවේ භටපිරිස් රෝහල් කාර්ය මණ්ඩලය සමඟ සහයෝගයෙන් යුතුව එම කටයුතු සිදුකරනු ලැබීය.

මෙම ප්‍රජා මූලික වැඩසටහන 11 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 111 හා 112 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්ගේ සමීප අධීක්‍ෂණය යටතේ ඒකක අණදෙන නිලධාරින්ගේ සම්බන්ධීකරණය මත එම ඒකකයන්හි භටපිරිස් විසින් සිදුකරන ලදී.