Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

රැකියා අපේක්ෂිතයින් හට යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සහාය

යාපනය අර්ධද්විපයේ රැකියා විරහිත අයවළුන් හට රැකියා ලබාදීමේ අරමුණින් යුතුව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් රැකියා අවස්ථාවන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු දෙකක් 6 වන ශ්‍රී ලංකා සංඥා බලකා මුලස්ථානයේ දී සහ 523 බලසේනා මුලස්ථානයේ දී සිකුරාදා (23) දින පවත්වන ලදි.

ඒ අනුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ පුද්ගලික සම්බන්ධිකරණයෙන් යුතුව කොළඹ පිහිටි MS Marketing Solution පුද්ගලික ආයතනයේ නියෝජිතයින් යාපනය වෙත පැමිණ ආකර්ශනිය වැටුපකට වෙළඳ විධායකවරුන් බඳවා ගැනීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

වෙළඳ සහ විකුණුම් සම්බන්ධ ආකල්ප සහ සන්නිවේදන හැකියාවන් වැඩි දියුණු කිරීමේ අරමුණින් පැවැත් වූ මෙම වැඩසටහන සඳහා යාපනය ප්‍රදේශයේ තරුණයන් 55 දෙනෙකු සහභාගි වූහ. ඒ අනුව 6 වන ශ්‍රී ලංකා සංඥා බලකා මුලස්ථානයේ පැවති වැඩසටහන සඳහා තරුණයින් 21 ක් ද, 523 වන බලසේනාවේ පැවති වැඩසටහන සඳහා තරුණයින් 34 ක් ද සහභාගි වූහ.

MS Marketing Solution පුද්ගලික ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ඊ.එම්.එස්. සොයිසා මහතා සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකු විසින් ක්ෂේත්‍රයේ තරුණයින් හට ඇති වෙළඳ අවස්ථා සහ රැකියා අවස්ථාවන් සම්බන්ධව දැනුවත් කරන ලදි.

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහ රැකියා අපේක්ෂිතයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Asics footwear | Womens Shoes Footwear & Shoes Online