Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

රණවිරු සෙවනෙහි ක්‍රීඩකයන් දෘශ්‍ය ආබාධිත ක්‍රිකට් ශුරතාවය දිනති

සීමාසහිත කලුකැලේ ජනතා සමිතිය නිදහස් දිනයේ දෘශ්‍යාබාධිත 20-20 ක්‍රිකට් තරගාවලියක් කලුකලේ මහජන ක්‍රීඩාංගණයේදී සංවිධානය කරන ලදී.

යුද්ධ හමුදා රණවිරු සෙවනේ ක්‍රිකට් කණ්ඩායම ද මෙම තරගයට සහභාගී වූ අතර ඔවුන් රජරට කණ්ඩායමට එරෙහිව අවසන් මහා තරඟයට ක්‍රීඩා කළහ.

අවසන් තරඟයේදී, පළමුවෙන් පන්දුවට පහර දුන් රණවිරු සෙවන ක්‍රීඩකයින් පන්දුවාර 20 තුළදී ලකුණු 168 ක් රැස් කළ අතර රජරට කණ්ඩායම ලකුණු 99 කට සීමාවු අතර රණවිරු සෙවනේ ක්‍රීඩකයින් ඒ අනුව තරගාවලියේ ශූරයන් බවට පත්විය.

මෙම තරඟාවලියේදී බී 1, බී 2, බී 3 කාණ්ඩවල දක්‍ෂතම ක්‍රීඩකයන් ලෙස පිළිවෙලින් සැරයන් සහන් කුමාර, මේජර් ෂෙහාන් පෙරේරා, බළලත් නිලධාරි රුවන් කරුණාරත්න යන අය තේරීපත් වූහ. Buy Sneakers | adidas