17th June 2023 21:04:45 Hours
ලෝක පරිසර දිනයට සමගාමීව පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය සහ හේකිත්ත රණවිරු සම්පත් කේන්ද්‍රයේ භටපිරිස් එක්ව හේකිත්ත හන්දිය සහ ඇලකන්ද පාලම අතර මාර්ගය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (10) දින පැවැත්වූහ.
මෙම වැඩසටහන සඳහා භටපිරිස් 30 කට අධික පිරිසක් සහභාගී වූ අතර, එහිදී එම ස්ථානයන්හි තිබූ කසළ ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ලැබීය.