Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th June 2023 21:18:17 Hours

රග්බි ක්‍රීඩකයින් සඳහා ‘Crossfit’ පුහුණු ක්‍රමය පිළිබඳව වැඩසටහනක් පවත්වයි

යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දැනුම සහ ශක්තිය වැඩි දියුණු කිරීමේ අරමුණින් යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් යුද්ධ හමුදා රෙජිමේන්තු කණ්ඩායම්වල රග්බි ක්‍රීඩකයින් 215 දෙනෙකු සඳහා ‘Crossfit’ නම් ජනප්‍රිය පුහුණු ක්‍රමය පිළිබඳ හඳුන්වා දීමේ වැඩසටහනක් පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගිය (බදාදා) 28 දින පවත්වන ලදී.

මෙරට සිටින කීර්තිමත් ‘Crossfit’ පුහුණුකරුවෙකු වන මෝතිලාල් ජයතිලක මහතා විසින් මෙම වැඩසටහන පැවැත්වූ අතර, එහිදී ඔහු දේශනයක් පවත්වමින් ක්‍රීඩාවේ ඉදිරි දියුණුව සඳහා මෙම පුහුණු ක්‍රමයේ ඇති වැදගත්කම අවධාරණය කළේය. රග්බි ක්‍රීඩකයින් සඳහා අත්‍යවශ්‍ය වන කායික ශක්තිය, දරාගැනීම, ජවය සහ කඩිසර බව වැනි ප්‍රතිලාභ රැසක් මෙම පුහුණු ක්‍රමය මගින් ලබාගැනීමට හැකි වන අතර, එබැවින් රග්බි ඇතුළු විවිධ ක්‍රීඩා වල නියැලෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර මෙම ‘Crossfit’ පුහුණු ක්‍රමය ජනප්‍රිය පුහුණු ක්‍රමයක් බවට පත්ව ඇත. යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.එම්.එම්.ඒ පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත මෙම පුහුණු සැසිය පැවැත්වීය.