Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුධ හමුදා කාන්තා වෙඩික්කරුවන් ‘ඔස්ට්‍රලේසියා පිස්තෝල ශූරතාවය -2019 ’ ලෝකඩ පදක්කමක් දිනා ගනී.

නොවැම්බර් මස 10 සිට 18 දින දක්වා පිලිපීනයේ පැවති ‘ඔස්ට්‍රලේසියා පිස්තෝල ශූරතාවලිය - 2019’ සඳහා තරඟ වැදුණු ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෙඩික්කරුවන් ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරඟාවලියේ නිෂ්පාදන අංශයේ කාන්තා කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

පිලිපීනයේ පවත්වන ලද ‘Front Sight’ වෙඩි පිටියේ පැවති මෙම තරඟාවලිය සඳහා රටවල් 45 ක් නියෝජනය කරමින් පුහුණු වෙඩික්කරුවන් 840 සහභාගී වූහ.

මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් කළමනාකරු ලුතිනන් කර්නල් එච්.කේ.එල්.ජේ පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෙඩික්කරුවන් 6 දෙනෙකු සහභාගී වූහ.

7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ ලුතිනන් එල්.ඒ.එස්.එම්. ලියනආරාච්චි, 2 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් එස්.එම්.එන්. දෙව්මිනි සහ 5 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඒ. කේ. ‍කෞෂල්‍යා ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සැරයන් කේ.එම්.ආර්. ජයන්ත කුමාර සහ කෝප්‍රල් ඩබ්ලිව්.කේ.බී.පී ප්‍රනාන්දු ද මෙම තරඟාවලිය සඳහා සහභාගී විය. jordan release date | Hats to Match Jordans Hyper Royal Bulls Hat