Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදාවේ සම්බන්ධිකරණයෙන් මඩකලපුව සහ අම්පාර හිදි ත්‍යාග බෙදාදීමේ උත්සවයක්

කැළණිය රොටරි සමාජයේ ඉල්ලීමකට අනුව කැනඩාවේ ‘Sleeping Children Around the World’ (SCAW) වෙතින් ජූලි මස 06 සිට 11 දක්වා මඩකලපුව සහ අම්පාර ප්‍රදේශයේ තෝරාගත් පාසල්වල වයස අවුරුදු 6 ත් 12 ත් අතර ළමුන් සඳහා සපත්තු යුගලක්, ටි ෂර්ට්, කලිසම්, පාසල් බෑග් ඇතුළු පාසල් උපකරණ සහ මදුරු දැල්, ඇඳන්, කොට්ට, පැදුරු, කොට්ටඋර, ඇඳ ඇතිරිලි අඩංගු නිදන කට්ටල 5000 ක් බෙදාදෙනු ලැබීය.

මෙම උපකරණ බෙදාදීම මඩකලපුව සහ අම්පාර ප්‍රදේශයේ දින කිහිපයක් තුල වෙන්වෙන් ස්ථාන 6 ක දී පැවති අතර, පරිත්‍යාග කරන ලද භාණ්ඩයන්හි වටිනාකම රුපියල් 19250000.00 කි.

වෙල්ලවේලි මහා විද්‍යාලයේ දී සඳුදා (10) දින පැවති ත්‍යාග පාර්සල් බෙදාදීමේ උත්සවය සඳහා 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ද සහභාගි විය.

මෙම වැඩසටහන සඳහා කැනඩාවේ SCAW හි කණ්ඩායම් නායිකා කෙට් සැන්ඩ්ෆොඩ් මහත්මිය, කැළණිය රොටරි සමාජයේ කණ්ඩායම් නායක සරත් ගුණවර්ධන මහතා මෙන්ම SCAW හි සහ කැළණිය රොටරි සමාජයේ නියෝජීතයින් ද එක්ව සියහ.

තවද මෙම වැඩසහන් මාලාව නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධිරගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සම්බන්ධිකරණය කරනු ලැබීය.

Nike footwear | Nike Shoes