Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ‘ෆොක්ස්හීල් චෙස් ශූරතාවලිය’ අරම්භ වෙයි

යුද්ධ හමුදා චෙස් කමිටුව ශ්‍රී ලංකාවේ ජාතික චෙස් සම්මේලනය සමඟ එක්ව සංවිධානය කරන ලද ප්‍රථම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ කණ්ඩායම් චෙස් ශූරතාවලිය ඉකුත් සිකුරාදා (30) දින දියතලාව ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ දිවංගත ලුතිනන් කර්නල් ඩි.බි. රාජසිංහ ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරිණි.

යුද්ධ හමුදා චෙස් කමිටුවේ සභාපති මෙන්ම ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් කිත්සිරි ඒකනායක ගේ ප්‍රධානත්වයෙන් තරඟාවලිය ආරම්භ කළ අතර එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා චෙස් පුහුණුකරු විරෝචන පෙරේරා මහතා සහ සහායක පුහුණුකරු සංජුල රවිනාත් මහතා සහභාගි වූහ.

2019 යුද්ධ හමුදා ක්‍රීඩා දින දර්ශනයේ සුවිශේෂී ඉසව්වක් ලෙස ශ්‍රී ලංකාවේ මෙතෙක් පවත්වන ලද පළමු ජාතික චෙස් ශූරතාවලිය 2019 සැප්තැම්බර් මස 02 දක්වා පැවැත්වෙයි. ත්‍රිවිධ හමුදාව, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ ජාතික විශ්වවිද්‍යාල මෙන්ම ‘අභිමන්සල’ හා ‘රණවිරු සෙවන’ නියෝජනය කරන විවිධ හැකියාවන් සහිත කණ්ඩායම් (පිරිමි සහ කාන්තා) ඇතුළු කණ්ඩායම් 32 ක් ශූරතාවලියට සහභාගී වේ.

ශූරතාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය 2019 සැප්තැම්බර් මස 02 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ චින-ශ්‍රී ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ සහභාගිවීමට නියමිත අතර සෙකුවර්ටෙක් (පුද්) සමාගම (Securatec (Pvt) Ltd) අධ්‍යක්‍ෂ මේනක ලියනගේ සහ සුජිත් අත්තනායක විශේෂ ආරාධිතයින් ලෙස සහභාගීවිමට නියමිතය. buy footwear | Nike nike dunk high supreme polka dot background , Gov