Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th June 2023 20:56:00 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් වැලිකන්ද ප්‍රදේශවාසීන් වෙනුවෙන් වෛද්‍ය සායනයක්

23 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 233 පාබල බලසේනාවට අයත් 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් ‘Help Age Sri Lanka’ ජංගම වෛද්‍ය සහ අක්‍ෂි සත්කාර ඒකකය සමඟ ඒකාබද්ධව පසුගිය සෙනසුරාදා (ජුනි මස 10) දින වැලිකන්ද, සිංහපුර ගැමුණු මහා විහාරස්ථාන පරිශ්‍රයේදී වැලිකන්ද ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෛද්‍ය සායනයක් සහ අක්‍ෂි සායනයක් පැවැත්වීය.

මෙම සායනයන් සඳහා රෝගීන් 250 කට ආසන්න සංඛ්‍යාවක් පැමිණි අතර, ඇස් කණ්නාඩි ලබාගැනීමට සහ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා නිර්දේශ කළ අයවළුන් සඳහා මසක් ඇතුළත එම සායන පහසුකම් ලබාදීමට නියමිතව ඇත.

මෙම අවස්ථාවට ‘Help Age Sri Lanka’ ආයතනයේ නියෝජිතයින් සහ වෛද්‍ය කාර්යය මණ්ඩලය සහ සුප්‍රීම් ටීවී හි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කාංචන කොඩිතුවක්කු මහතා සහභාගී වූහ. 233 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.කේ.සී.එස්. ද සිල්වා ආර්එස්පී සහ 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්.අයි.එස්. චන්ද්‍රකුමාර යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මඟපෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 23 පාබල සේනාංකය, 233 පාබල බලසේනාව සහ 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.