06th March 2023 21:56:27 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන පාබල සේනාංකයට අයත් 591 වන පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් 86 දෙනෙකු වෙත රුපියල් 7,300.00 ක වටිනාකමකියන් යුත් පාසල් උපකරණ කට්ටල බෙදාදීමේ වැඩසටහනක් මුලතිව්, කේප්පාපිලව් ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී මාර්තු මස (04) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
591 වන පාබල බලසේනාවේ සම්බන්ධීකරණය මත කොළඹ ජාත්‍යන්තර රොටරි සමාජය වෙතින් මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා අවශ්‍ය මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී.
මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස 591 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව පෙරේරා සහ ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපති පුබුදු ද සොයිසා සහභාගී වූ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, කොළඹ ජාත්‍යන්තර රොටරි සමාජයේ සාමාජිකයින්, යුද්ධ හමුදා සෙසුනිලයන්, මුලතිව්, කේප්පාපිලව් ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් ද සහභාගී වූහ.
වැඩසටහන සමාප්තියේ 591 වන පාබල බලසේනාවේ භටපිරිස් විසින් රොටරි සමාජයේ සාමාජිකයන්, පාසල් කාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන් වෙත තේ පැන් සංග්‍රහයක් ද ලබාදුන්හ.