Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th June 2023 18:15:34 Hours

යුද්ධ හමුදාවට ජාත්‍යන්තර අභියෝගතා බැඩ්මින්ටන් තරගාවලියේ ලෝකඩ පදක්කමක්

ජූනි 05 සිට 10 දින දක්වා මාලදිවයිනේ පැවති ජාත්‍යන්තර අභියෝගතා බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි ද්විත්ව ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබල බී.ඩී.ඩී.ටී ගුණතිලක සමඟින් විරේන් නෙත්තසිංහ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වූහ.

මෙම තරඟාවලිය ලෝක බැඩ්මින්ටන් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබු අතර ඒ සඳහා චීන ක්‍රීඩා ඇඳුම් සහ ක්‍රීඩා උපකරණ සමාගමක් වන ‘Li-Ning’ විසින් අනුග්‍රහකත්වය දක්වන ලදී‍. මෙම තරගාවලියේ ප්‍රථිපල ලෝක ශ්‍රේණිගත කිරීම් සඳහා සලකා බැලීමේ සිදුවේ.