Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th May 2024 13:46:56 Hours

යුද්ධ හමුදාව වෙත ක්‍රීඩා දක්‍ෂතා මත බඳවා ගනු ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පවත්වනු ලැබූ ආධුණික පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්

යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදෙස් මත යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදාව වෙත ක්‍රීඩා දක්‍ෂතා මත ඉඳුරාම බඳවා ගනු ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පවත්වනු ලැබූ ආධුණික පුහුණු පාඨමාලාව - (IV අදියර) 2024 මැයි 17 වන දින පුත්තලම, යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවති උත්සවයේදී සාර්ථකව අවසන් කරනු ලැබිය.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ කර්නල් ක්‍රීඩා කර්නල් එච්.එච්.එස්.පී.එස් ද සිල්වා ආර්එස්පී යූඑස්පී සහභාගී විය. පාඨමාලාව 2024 අප්‍රේල් මස 18 දින සිට මැයි මස 17 දින දක්වා පැවති අතර, ඒ සඳහා ආධුනිකයින් 45 දෙනෙකු සහභාගී වූහ.

මෙම අවස්ථාවට ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.