09th May 2025 23:22:23 Hours
මාදුරුඔය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකා පුහුණු පාසලේ පැවැත්වීමට නියමිතව තිබූ විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක් අතරතුර සිදුවූ ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 මැයි මස 09 දින පොළොන්නරුව මහ රෝහල වෙත ගියේය.
එහිදී, එම හමුදා සාමාජිකයින්ට අවශ්‍යය ඉදිරි ප්‍රතිකාර පිළිබඳවද රෝහල් බලධාරීන් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සාකච්ඡාවකද නිරත විය.