Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා ‍මේස පන්දු ක්‍රීඩිකාවන් මේස පන්දු ජාතික ශුරතාවලියේ විශිෂ්ඨ දස්කම් දක්වයි

ජනවාරි මස 27 - 28 දිනයන්හිදි ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පවත්වන ලද 71 වෙනි ජාතික මේස පන්දු ශූරතාවලියේ කාන්තා මේස පන්දු ජාතික ශුරතාවලියේදි ශ්‍රී ලංකා සංඥා බලකායේ සංඥා කාන්තා සෙබළ එරන්දි වරුසවිතාන දස්කම් දක්වන ලද අතර ඇය යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් දෙවන වතාවටත් ශුරතාවය දිනා ගන්නා ලදී.

මේ ශුරතාවලිය සඳහා දිවයින පුරා ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 200 කට වැඩි පිරිසක් සහභාගිවුහ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති අසංක සෙනෙවිරත්න මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක් වු අතර ජයග්‍රාහකයින්ට ත්‍යාග හා කුසලාන ප්‍රදානයද ඔහු විසින් සිදුකරන ලදී.

යුද්ධ හමුදා මේස පන්දු ක්‍රිඩකයින් සඳහා යුද්ධ හමුදා මේස පන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ විසින් අවශ්‍ය උපදෙස් හා සහයෝගය ලබා දෙන ලදී.

යුද්ධ හමුදා ක්‍රිඩක ක්‍රීඩිකාවන් දක්වන ලද දක්ෂතා පහත සඳහන් පරිදි වේ.

විවෘත කාන්තා කේවල තරඟ ඉසව්ව

විශාඛා විද්‍යාලය නියෝජනය කල හන්සනි පියුමිලා පරදවමින් යුද්ධ හමුදා ක්‍රිඩා සමාජය නියෝජනය කරමින් එරන්දි වරුසවිතාන ලකුණු 11/4, 11/3, 4/11, 11/7 සහ 11/8 ක් වශයෙන් ලබා ගන්නා ලදී.

විවෘත කාන්තා ද්විත්ව තරඟ ඉසව්ව

මොරටුව විශ්ව විද්‍යාල ක්‍රීඩා සමාජය නියෝජනය කල කාවින්දි සහබන්ධු සහ මහාමායා බාළිකා විද්‍යාලයේ තනුෂි රොඩ්‍රිගෝ පරදවමින් වරාය අධිකාරි ක්‍රිඩා සමාජය නියෝජනය කල ඉෂාරා මදුරංගි සහ යුද්ධ හමුදා ක්‍රිඩා සමාජය නියෝජනය කරමින් කාන්තා සෙබළ නුවනි නවෝද්‍යා ලකුණු 6/11, 11/9, 11/6, 11/7 ක් වශයෙන් ලබා ගන්නා ලදී.

latest Running Sneakers | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD