Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th April 2023 21:25:30 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා යෝගට් නිෂ්පාදන ආයතනය විවෘත කරයි

හිඟුරක්ගොඩ පිහිටි 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය විසින් ආරම්භ කරන ලද නව යෝගට් නිෂ්පාදන ආයතනය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා (03) දින විවෘත කරනු ලැබීය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරි වනිගසේකර මහත්මිය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, අනතුරුව එතුමිය නව යෝගට් නිෂ්පාදන ආයතනයේ සමරු ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපන ලදී.

එම අවස්ථාවට සහභාගී වූ සියලුම ආරාධිතයින් සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන දැල්වීමෙන් පසුව යෝගට් නිෂ්පාදන ආයතන පරිශ්‍රයේ නිරීක්‍ෂණ කටයුතු සිදුකරන ලදී. මෙම ආයතනයේ නිශ්පාදනය කරනු ලබන යෝගට් යුද්ධ හමුදා භටපිරිස් පරිභෝජනය සඳහාත් අතිරික්ත නිශ්පාදනය වෙළද පොල වෙත ඉදිරිපත් කිරීමටත් අදහස් කරයි. මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

මෙම අවස්ථාවේදී ජානකී ලියනගේ මහත්මිය නව යෝගට් නිෂ්පාදන ආයතනයේ ඉදිරි වැඩි දියුණුව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා අරමුදල මගින් රුපියල් මිලියන 1.4 ක මූල්‍යමය පරිත්‍යාගයක් ද සිදුකෙරිණි. අනතුරුව එතුමිය එම අවස්ථාවට සහභාගී වූ සියලු සාමාජිකාවන් සමගින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටින ලදී. නව යෝගට් නිෂ්පාදන ආයතන මගින් දිනකට යෝගට් ඇසුරුම් 850 ක් නිශ්පාදනය කළ හැකි අතර, එම නිශ්පාදනයන් වෙළඳපොල වෙත ඉදිරිපත්කර ලැබෙන මුදල් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුබසාධන කටයුතු සඳහා යෙදවීමට යුද්ධ හමුදා භටපිරිස් අපේක්ෂා කරයි

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් ඇතුළු සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.