Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th March 2024 16:46:36 Hours

යුද්ධ හමුදා සේවා බලකායෙන් නිවාස අවශ්‍යතා සහිත ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙත නව නිවසක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය විසින් එම රෙජිමේන්තුවේ නිවාස අවශ්‍යතා සහිත ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු සහ ඔහුගේ පවුල වෙත ඉදිකර දුන් නව නිවස පසුගිය ඉරිදා (මාර්තු මස 17) දින පැවති උත්සවයකදී පවරා දෙන ලදී.

යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.කේ. රාජපක්‍ෂ ආර්එස්පී ගේ උපදෙස් මත මේජර් ජෙනරල් ආර්.රත්නසිංහම් (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණයෙන් දිල්කරන් රාජේන්ද්‍ර, ප්‍රියංකර විතානච්චි, සම්පත් පෙත්තවඩු සහ විමල් තෙන්නකෝන් යන මහත්වරුන් විසින් නව නිවස ඉදිකිරීම සඳහා මූල්‍යමය පරිත්‍යාගයන් සිදු කළහ.

4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් විසින් නව නිවස ඉදිකිරීමට ශ්‍රම දායකත්වය ලබා දුන් අතර, උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි මේජර් ජෙනරල් ඒ.කේ. රාජපක්‍ෂ ආර්එස්පී විසින් නව නිවස ප්‍රථිලාභීන් වෙත ලබාදුන්හ. එම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ පරිත්‍යාගශීලීන් ද සහභාගි වූහ.