Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා සවි එසවීමේ ක්‍රීඩකයින්ට තරඟාවලියේ ශූරතාවය

ජාතික සවි එසවීමේ තරඟාවලිය - 2018 සෙනසුරාදා (03) දින බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේ දී පැවැති අතර කණ්ඩායම් හතක් අභිබවා යමින් තරඟාවලියේ සමස්ථ ශූරතාවය හිමිකරගැනීමට යුද්ධ හමුදා සවි එසවීමේ ක්‍රීඩකයින් සමත්විය.

එහිදි රන්පදක්කම් 4 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනීමින් තරඟාවලියේ සමස්ථ ශූරතාවය හිමි කරගැනීමට යුද්ධ හමුදා සවි එසවීමේ ක්‍රීඩකයින් සමත්විය. මෙම සුවිශේෂී ශූරතාවය අතරතුර දී ක්‍රීඩකයින් දෙදෙනෙකු විසින් නව ශ්‍රී ලංකා වර්තා 4 ක් පිහිටුවීමට සමත්විය.

කෝප්‍රල් එස්.කේ.එස්. ප්‍රදීප් කිලෝග්‍රෑම් 59 බර පන්තිය යටතේ රන් පදක්කමක් දිනාගනු ලැබීය. Scot, Bench, Dead Lift යන ඉසව්වන් සහ වැඩිම ලකුණු ලබාගනීමින් ශ්‍රී ලංකා වාර්තා පිහිටුවන ලදී.

ලාන්ස් කෝප්‍රල් අයි.එල්. චතුර කුමාර (කිලෝග්‍රෑම් 74 බර පන්තිය) යටතේ රන් පදක්කමක් දිනාගනීමින් Dead Lifting ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවනු ලැබීය. තවද සාමාන්‍ය සෙබළ වයි.පී.එස්. අබේවික්‍රම (කිලෝග්‍රෑම් 66 බර පන්තිය) සහ සාමාන්‍ය සෙබල කේ.කේ.අයි. විජේවීර (කිලෝග්‍රෑම් 83 බර පන්තිය) රන් පදක්කම් දෙකක් දිනාගැනීමට සමත්විය.

මෙම තරඟාවලියේ අනුශුරතාවය හිමිකරගැනීමට කොහුවල High Octane ක්‍රීඩා සමාජය සමත්විය.

මෙම තරඟාවලියේ දී ලබාගත් ජයග්‍රහණයන් පහත පරිදි වේ:

සාමාන්‍ය සෙබල එම්.ඩි.එම්. සේනක (කිලෝග්‍රෑම් 105 බරපන්තිය) - රිදී පදක්කම

සාමාන්‍ය සෙබල ටි.ඩි.පි. ප්‍රනාන්දු (කිලෝග්‍රෑම් 120 බරපන්තිය) - රිදී පදක්කම

ලාන්ස් කෝප්‍රල් ජේ.ඩි.එන්. ජයරත්න (කිලෝග්‍රෑම් 120 ට වැඩි බරපන්තිය) - ලෝකඩ පදක්කම

ලාන්ස් කෝප්‍රල් ඩි.එම්. ධනංසුරිය (කිලෝග්‍රෑම් 93 බරපන්තිය) - ලෝකඩ පදක්කම Nike air jordan Sneakers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp