Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th October 2024 17:57:25 Hours

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවෙන් ශිෂ්‍යත්ව වැඩසටහනක්

රට වෙනුවෙන් දිවිපිදූ එම බලකායේ රණවිරුවන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී හංසිකා මහලේකම් මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2024 ඔක්තෝබර් මස 24 දින කරන්දෙණිය යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම උත්සවයේදී 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගයෙන් දක්‍ෂතා දැක්වූ දරුවන්ට පාසල් උපකරණ සහ මූල්‍යමය ප්‍රදානයන් ලබාදීම සිදු කෙරිණි. එහිදී කෝප්‍රල් ඊ.කේ.එස්.එස් ලක්‍ෂාන්ගේ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවස සම්පූර්ණ කිරීම සඳහා මුදල් චෙක්පතක් ද පරිත්‍යාග කරන ලදී.

මෙම උත්සව අවස්ථාවට යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, ප්‍රථිලාභී දරුවන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සහභාගී වූහ.