Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th November 2023 07:54:11 Hours

යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාව මගින් ශිෂ්‍යත්ව විභාගය සමත්වූ ළමුන් වෙත ත්‍යාග පිරිනමයි

ලෝක ළමා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය එක්ව එම රෙජිමේන්තුවේ සාමාජිකයින්ගේ පවුල්වල 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූ ළමුන් 46 දෙනෙකු වෙත පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 29) දින ත්‍යාග පිරිනමනු ලැබීය.

යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය නිල්මිණි ප්‍රනාන්දු මහත්මියගේ උපදෙස් මත මෙම වැඩසටහන පවත්වනු ලැබීය.

5ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත්වූ ළමුන් 46 දෙනෙකු ඇතුළු සියලුම ළමුන් සඳහා ත්‍යාග ප්‍රදානය කරන ලද අතර, එහිදී එම ළමුන්ගේ අධ්‍යාපන කුසලතාවන් ඇගයීමට අමතරව විනෝදාස්වාදය ගෙන දෙන වැඩසටහන් ද පැවැත්වීය. උත්සව අවස්ථාවට යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය, එම ශාඛාවේ සාමාජිකාවන්, ළමුන්ගේ දෙමාපායන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.