Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා රග්බි ක්‍රීඩකයින්ට බඳුන ශූරතාවය

ත්‍රිවිධ හමුදා සහ පොලිස් රග්බි තරගාවලිය ඔක්තෝබර් මස 30 සහ 31 දෙදින පුරා තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදාව නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක්, ගුවන් හමුදාව නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක්, නාවික හමුදාව නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක්, ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක්, CH & FC සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගි වූහ.

ක්‍රීඩාලෝලීන්ගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ පැවැති තියුණු තරඟයකින් අනතුරුව ගුවන් හමුදා රග්බි කණ්ඩායම තරඟාවලියේ ශුරතාවය හිමිකරගත්තේය. කෙසේ වෙතත්, තරඟාවලියේ බඳුන ශූරතාවය යුද්ධ හමුදා ‘A’ කණ්ඩායම විසින් හිමිකරගත් අතර පලිහ අනුශූරතාවය යුද්ධ හමුදා ‘B’ කණ්ඩායම විසින් හිමිකරගත්හ.