Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th April 2024 15:46:01 Hours

යුද්ධ හමුදා යුද විද්‍යාලයේදී නායකත්ව අභියෝග පිළිබඳ දේශනයක්

යුද්ධ හමුදා යුද විද්‍යාලයේදී 2024 අප්‍රේල් මස 05 දින නායකත්ව අභියෝග (අණදීමේ අත්දැකීම්) පිළිබඳ දේශනයක් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිවිපී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් පවත්වන ලදී.

යුද්ධ හමුදා යුද විද්‍යාලය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් එම පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයු පීඑස්සී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව එතුමන් සිය වසර 35 සේවාකාලය තුල විවිධ තනතුරු හොබවමින් ලැබූ අත්දැකීම් උපයෝගි කරගනිමින් දේශණය සිදුකරන ලදී.

දේශණය සමාප්තියේදී ශිෂ්‍ය නිලධාරීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් එතුමන් සුහඳ පිළිසඳරක ද නිරතවිය. එහිද, පුහුණු පාසලේ සේනාවිධායකතුමන්, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය යුද්ධ විද්‍යාලය වෙනුවෙන් දැක්වූ සහයෝගය සහ කැපවීම අගයමින් එතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.