17th December 2024 13:52:41 Hours
යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා භටපිරිස් විසින් එම විද්‍යාලය වෙත පානීය ජලය ලබාගැනීමේ අරමුණින් 2024 දෙසැම්බර් මස 12 දින පැවති කෙටි උත්සවයකදී එම විද්‍යාල පරිශ්‍රයේ නව ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපනය කරනු ලැබීය.
යුද්ධ හමුදා යුද විද්‍යාලයේ දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් ගුණාත්මක භාවයෙන් අඩු පානීය ජලය භාවිතය හේතුවෙන් භටපිරිස් අතර නිදන්ගත වකුගඩු රෝග වැළඳීම වැළැක්වීමේ අරමුණින් මෙම ජල පිරිපහදු යන්ත්‍රය ස්ථාපනය කරනු ලැබීය. මෙම ජල පිරිපහදු යන්ත්‍රය තුළින් දිනකට ජලය ලීටර් 5,000 ක ධාරිතාවයක් සැපයීමේ හැකියාව පවතී.