06th June 2023 17:17:32 Hours
යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද නිලධාරී පුහුණු දිනය - 1/2023, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය මැයි මස 26 (සිකුරාදා) දින එම රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ/නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
උදෑසන ශාරීරික අභ්‍යාස පුහුණු වැඩසටහන මගින් පුහුණු දිනය ආරම්භ වූ අතර, අනතුරුව අසි සරඹ සහ පා සරඹ පුහුණුවීම් වල නිරත විය. 1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් විසින් හදිසි ආපදා තත්ත්වයන් වලදී මුදවා ගැනීමේ කණ්ඩායමක් ලෙස ‘යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කාර්යභාරය’ යන මැයෙන් කාලෝචිත දේශණයක් ඉදිරිපත් කරන ලදී.
යුධ සේවා ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි 1 - වෘත්තීය ප්‍රගමන, ලුතිනන් කර්නල් ආර්.එම්.එච්.බී රත්නායක ආර්එස්පී යූඑස්පී පීඑස්සී - ‘නිලධාරීන්ගේ වෘත්තීය ප්‍රගමනය’ යන මැයෙන් දේශනයක් ද පවත්වන ලදී.
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ පැවති ‘Diners’ Club’ සැසියේදී 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එම්.යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී විසින් නිලධාරීන්ගේ දැනුම වැඩි දියුණු කිරීම සඳහා Asymmetric Warfare’ යන විෂය සම්බන්ධයෙන් දේශනයක් ද පවත්වන ලදී.
යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එම්.ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් සහ අධීක්‍ෂණය මත පුහුණු දිනය සංවිධානය කරනු ලැබීය.