Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th April 2024 13:03:22 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නව රෙජිමේන්තු සැරයන් මේජර් වෙත සංකේතාත්මක යෂ්ඨිය (කේන් මලක්කාව) යුද්ධ හමුදාධිපති ප්‍රධානය කරයි

යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් වශයෙන් මෑතකදී පත් කරන ලද බලලත් නිලධාරි I එච්.එම්.පී.ඒ හේරත් යූඑස්පී වෙත සංකේතාත්මක යෂ්ඨිය (කේන් මලක්කාව) ප්‍රධානය කිරීම යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්. ඩබ්ලිව්. එච්. ආර්. ආර්. වී. එම්. එන්. ඩී. කේ. බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සුරතින් අලුත් අවුරුදු සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයේදී සිදු කරනු ලැබීය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් සේවක මහතුන් සහභාගී වූහ.

යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් තනතුර යුද්ධ හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරියෙකුට ලබා ගත හැකි ඉහළම පත්වීම වන අතර, එම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨතම කොමිෂන් නොලත් නිලධාරියා ලෙස සැලකේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වන බලලත් නිලධාරි I එච්.එම්.පී.ඒ හේරත් යූඑස්පී 2004 සැප්තැම්බර් මස 01 දින යුද්ධ හමුදාවට බැදී වසර 19 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර, 2024 අප්‍රේල් මස 02 දින යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් තනතුරට පත් කරන ලදී.