Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th April 2024 15:40:40 Hours

යුද්ධ හමුදා මූලස්ථානය සිංහල- දමිළ අළුත් අවුරුදු උත්සවය සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර වලට මුල්තැනක් දෙමින් සමරයි

2024 සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද නිමෙත්තෙන් යුද්ධ හමුදා මූලස්ථානය විසින් සංවිධානය කල අලුත් අවුරුදු උත්සවය සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර සහ ජනක්‍රිඩා රැසක් සමඟින් සිකුරාදා (අප්‍රේල් මස 05) දින පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේදී පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ අනෙකුත් ආරාධිතයින් විසින්, එම ස්ථානය නිර්මාණය කරන ලද වලව්වෙහි සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා එම ස්ථානයේ රඟදැක් වූ සාම්ප්‍රදායික සෞන්දර්යාත්මක ඉසව් නැරඹීම සිදු කරන ලදී.

පොල්අතු විවීම, බනිස් කෑම, කොට්ට පොර, රබන් වාදනය, ග්‍රීස්ගහේ නැගීම, අවුරුදු කුමාරි, අලියාට ඇස තැබීම, දෙහි ගෙඩිය හැන්දෙ තියාගෙන දිවීම, සෙමෙන් පාපැදි පැදීම, කඹ ඇදීම, විකට ඇදුම් තරගය ඇතුළු තවත් සාම්ප්‍රදායික සහ විනෝදාත්මක ක්‍රීඩා ගණනාවක් පවත්වන ලදී.

අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් සහ අනෙකුත් ආරාධිතයින් විසින් තරඟ ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කරන ලදී. යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ප්‍රීතිමත් සහ සෞභාග්‍යමත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් සඳහා සිය සුභාශිංසන පළ කළ අතර, අවුරුදු උත්සවය සාර්ථක කරගැනිම සඳහා දැක්වූ සහයෝගය හා දායකත්වය අගය කරමින් පැමිණි සියලු සාමාජිකයන් ඇමතීය. වර්ණවත් සංගීත ඉසව්වකින් අවුරුදු උත්සවයේ වැඩකටයුතු අවසන් විය.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිවිපී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, යුද්ධ හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.