Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාරක කාන්තා සහ පිරිමි කණ්ඩායම් ආරක්‍ෂක සේවා මුෂ්ඨි ප්‍රහාරක තරඟාවලියේ ශුරයින් වේ

ශ්‍රී ලංකා ගුවන් හමුදා මුෂ්ඨි ප්‍රහාරක සංගමය මගින් සංවිධානය කරන ලද ‘ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය - 2018’ මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවලිය මැයි මස 9 සහ 10 යන දෙදින තුල කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පිහිටි මුෂ්ඨි ප්‍රහාරක වළල්ලේදී පැවැති අතර එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාරක ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම දක්‍ෂතා මැනවින් පෙන්නුම් කරන ලදී.

මෙහිදී ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යයන්තර වශයෙන් පිළිගැනිමක් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟ වැදුනි.

මෙම තරඟාවලියේ දී, ශ්‍රී යුද්ධ හමුදා පිරිමි මුෂ්ඨි ප්‍රහාරක කණ්ඩායම රන් පදක්කම් 6 ක්, රිදී පදක්කම් 3 ක් හා ලෝකඩ පදක්කම් 1 ක් ලෙස සමස්ථ පදක්කම් 10 ක් දිනා ගනිමින් ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය - 2018 ශුරතාවය දිනා ගැනිමට සමත්වු අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා මුෂ්ඨි ප්‍රහාරක කණ්ඩායම විවිධ බර පන්තින් යටතේ රන් පදක්කම් 3 ක් සහ රිදී පදක්කම් 3 ක් දිනා ගනිමින් කාන්තා අංශයේ ශුරතාවය හිමිකරගන්නා ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාරක කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාරක ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ලද මෙම සාර්ථකත්වය පිටුපස සිටිමින් ශක්තියක් විය.

bridge media | jordan Release Dates