Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st February 2023 23:30:36 Hours

යුද්ධ හමුදා භටපිරිස් වේරගම ප්‍රදේශයේ කුඹුරු යායක් තුළ හටගත් ගින්නක් මැඩපවත්වයි

වේරගම ප්‍රදේශයේ කුඹුරු යායක් තුළ පසුගිය සෙනසුරාදා (28) දින හටගත් ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 612 වන බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ නිලධාරියෙකු සහ සෙසුනිලයන් 8 දෙනෙකු සිය දායකත්වය දැක්වූහ.

වාද්දුව ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව යුද්ධ හමුදා සාමාජිකයන් එම ස්ථානය වෙත ගොස් පැය දෙකකටත් අඩු කාලයක් තුළ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ. කළුතර ගිනි නිවන ඒකකයේ භටයින් සහ සිවිල් වැසියන්ගේ සහයෝගය මත අක්කර 10 ක් පුරාවට පැතිරගොස් තිබූ ගින්න මැඩපැවැත්වීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් සමත්වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල, 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය හේරත් සහ 612 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජයනාත් පෙරේරා ගේ ගේ මඟපෙන්වීම සහ 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ අණදෙන නිලධාරි මේජර් යූ.එම්.පී. උඩුකුමාර විසින් සිය ඒකකයේ භටපිරිස් යොදවා කඩිනමින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරනු ලැබීය.