03rd March 2023 18:04:08 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන පාබල සේනාංකයේ 221 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් කුඹුරුපිඩ්ඩි, නාවච්චෝලේ ප්‍රදේශයේ පදිංචි පවුල් 50 ක් අතර පොල් පැළ 250ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බදාදා (01) දින 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු කඳවුරු පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි සහ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගම ලබාදුන් උපදෙස් මත 221 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුජීව රත්නායක ගේ අධීක්ෂණය යටතේ 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් ලයනල් හේමකුමාර විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලදී. කුච්චවේලි ගොවිජන සේවා මධ්‍යස්ථානය සමඟ සම්බන්ධිකරණයෙන් මෙම පොල් පැල තොගය ලබාගන්නා ලදී.
221 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ මෙම උත්සව අවස්ථාව සඳහා, එම බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රතිලාභීන් ද සහභාගි වූහ.