Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th March 2023 21:20:22 Hours

යුද්ධ හමුදා භටපිරිස් මූලිකත්වයෙන් පාසල් සිසු සිසුවියන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන පාබල සේනාංකයට අයත් 623 වන පාබල බලසේනාවේ භටපිරිස් කැබිතිගොල්ලෑව, කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන 1ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන් 88 දෙනෙකු වෙනුවෙන් පාසල් පොත් සහ පාසල් උපකරණ බෙදාදීමේ සහ ගුරු භවතුන් 6 දෙනෙකු සඳහා විශේෂ සේවා ඇගයීම් තිළිණ ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (මාර්තු මස 14) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

ගරු ඔස්මන් ද අල්විස්, ලූක් ජුන්සන්, රිචඩ් ජයකුමාර් සහ ලසන්ත ජයලත් යන පියතුමන්ලා එක්ව ලබාදුන් අනුග්‍රහාහකත්වය මත රුපියල් 5000/= ක වටිනාකමකින් යුත් පාසල් පොත් සහ පාසල් උපකරණ පාර්සල් සිසු සිසුවියන් වෙත පරිත්‍යාග කරන ලදී. 11 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබූ මෙම උත්සව අවස්ථාව සඳහා පරිත්‍යාගශීලී පියතුමන්ලා ද සහභාගී වූහ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 62 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජනක රණසිංහ සහභාගී වූ අතර 623 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් රංජිත් බූදාගොඩ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වී සිටියහ.