Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2024 17:25:42 Hours

යුද්ධ හමුදා භටපිරිස් දියතලාව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට වැටී තිබූ පස් කන්දක් ඉවත් කරයි

අධික වර්ෂාපතනය හේතුවෙන් දියතලාව දුම්රිය ස්ථානය අසළ දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස් කඳු සහ ගල් ඉවත්කර එම දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කිරීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් පසුගිය බදාදා (10) දින සිය දායකත්වය ලබාදුන්හ.

යුද්ධ හමුදා භටපිරිස් විසින් කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට දුම්රිය මාර්ගය හරස් කරමින් වැටී තිබූ පස් කඳු සහ ගල් ඉවත් කර එම මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරනු ලැබූ අතර ඒ සඳහා දියතලාව දුම්රිය ස්ථානයේ නිලධාරීන්ගේ සහයෝගය ද හිමිවිය.