Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රිඩකයින් රන් හා රිදී පදක්කම් දිනාගනී

ජාතික බර ඉසිලීමේ කණ්ඩායම සඳහා දක්‍ෂතම ක්‍රීඩකයින් තෝරාගැනීමේ තරඟය දෙසැම්බර් මස 20 හා 21 දෙදින පුරා පොළොන්නරුව බර ඉසිලීමේ ක්‍රීඩාගාරයේදී පැවැත්විණි. එහිදී, නාවික හමුදා කණ්ඩායම, ගුවන් හමුදා කණ්ඩායම මෙන්ම යාපනය, පොළොන්නරුව, මහනුවර, කුරුණෑගල, ගාල්ල සහ ගල්ගමුව යන ක්‍රීඩා සමාජවල තරඟකරුවන් අභිබවා යමින් පිරිමි සහ කාන්තා අංශයෙන් රන් පදක්කම් 2 ක් සහ රිදී පදක්කම් 3 ක් දිනාගැනීමට යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වූහ.

යුද්ධ හමුදා පදක්කම්ලාභීන් පහතින් දැක්වේ;

කිලෝග්‍රෑම් 109 රන් පදක්කම සැරයන් ඒ.ජී.එස්. අබේවික්‍රම

කිලෝග්‍රෑම් 71 රන් පදක්කම සාමාන්‍ය සෙබල එච්.එච්.කේ උදේශිකා

කිලෝග්‍රෑම් 81 රිදී පදක්කම බොම්බොඩියර් එච්.ආර්.ජේ. විජයනාත

කිලෝග්‍රෑම් 96 රිදී පදක්කම සාමාන්‍ය සෙබල කේ.ටී. විමන්ත

කිලෝග්‍රෑම් 71 රිදී පදක්කම සාමාන්‍ය සෙබල එච්.ඒ.එච්. හපුආරච්චි