Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා පිහිනුම් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 53 වන කින්රෝස් සැතපුම් 6 මුහුදු පිහිනුම් තරඟාවලියේ පිරිමි සහ කාන්තා අංශයේ සමස්ථ ශුරතාවය දිනාගනි

ශ්‍රී ලංකා ආධුනික පිහිනුම් සංගමයට අනුබද්ධිත කින්රෝස් පිහිනුම් හා ජිවිතාරක්‍ෂක සමාජය (Kinross Swimming and Life Saving Club) විසින් සංවිධානය කරන ලද 53 වන වාර්ෂික කින්රෝස් සැතපුම් 6 විවෘත මුහුදු පිහිනුම් ශුරතාවලිය, තරඟකරුවන් 150 කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් ඉරිදා (25) දින වැල්ලවත්ත වෙරළ තීරයේ දී පවත්වන ලදී.

වැල්ලවත්ත සමාජ ශාලාව අසල වෙරළ තීරයේ දී උදෑසන 7.50 ට ආරම්භ කරන ලද මෙම තරඟාවලිය සඳහා සහභාගි වූ තරඟකරුවන් ගල්කිස්ස හෝටලය පිටුපස මුහුදු තීරය දක්වා පිහිනිම සිදුකරන ලදී.

යුද්ධ හමුදා ක්‍රිඩා සමාජය නියෝජනය කරමින් පිහිනුම් ක්‍රිඩක ක්‍රිඩිකාවන් රැසක් මෙම තරඟාවලිය සඳහා සහභාගි වු අතර 2011 වර්ෂයේ පැවැති තරඟාවලියෙදි ප්‍රථම ස්ථානය හිමිකරගැනිමෙන් පසු මෙම වසරේ ප්‍රථම ස්ථානයන් 02 ක් හා තෙවන ස්ථානයක් සමගින් පිරිමි හා කාන්තා යන අංශයන්ගේ සමස්ත ශුරතාවය ද හිමි කර ගැනිමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම සමත් විය. තවද, හොඳම ජයග්‍රාහකයින් 20 අතුරින් 18 ක්ම යුද්ධ හමුදා ක්‍රිඩකයින් වීම විශේෂත්වයකි.

1941 වසරේදි වැල්ලවත්ත වෙරළ තිරයේ ජිවිතාරක්‍ෂක සේවාවක් ලෙස ඇරඹි කින්රෝස් පිහිනුම් හා ජිවිතාරක්‍ෂක සමාජය වසර ගණනාවක සිට පිහිනුම් තරඟ සංවිධානය කරනු ලබයි. ශ්‍රී ලංකාවේ පිහිනුම් තරඟ අතුරින් වැඩිම දුර ප්‍රමාණයක් ඇති තරගය වන මෙම සැතපුම් 6 මුහුදු පිහිනුම් තරඟාවලිය හා සැතපුම් 2 හා කිලෝමිටර් 5 යන ප්‍රමාණයන් ගෙන් පැවති වෙනත් විවෘත මුහුදු පිහිනුම් තරගවලින් ද යුද්ධ හමුදා ක්‍රිඩා කණ්ඩායම සමස්ථ ශුරතාවයන් හිමිකරගන්නා ලදි. එමෙන්ම යුද්ධ හමුදා කාන්තා පිහිනුම් ක්‍රිඩිකාවන් මෙම වසරේ දක්වන ලද හොඳම දක්‍ෂතාවය ද මෙය වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිනුම් ක්‍රිඩා කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්නගේ අධික්‍ෂණයෙන් යුද්ධ හමුදා ක්‍රිඩක ක්‍රිඩකාවන් මෙම තරඟය සඳහා සහභාගි වු අතර මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිනුම් ක්‍රිඩා කමිටුවේ උප සභාපති කර්නල් ක්ලිෆර්ඩ් ද සොයිසා සහ යුද්ධ හමුදා සහ සිවිල් ක්‍රිඩා සමාජයන්හි ක්‍රිඩක ක්‍රිඩිකාවන් රැසක් ද සහභාගි වුහ.

short url link | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite