Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th April 2024 18:14:41 Hours

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීතුමන් ‘ෆොක්ස්හිල් සුපර්ක්‍රොස්’ අනතුරින් විපතට පත්වූවන්ගේ සුවදුක් විමසයි

‘ෆොක්ස්හිල් සුපර්ක්‍රොස්’ තරඟාවලිය අතරතුර සිදු වූ අනතුරින් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී 2024 අප්‍රේල් මස 22 දින දියතලාව මූලික රෝහලේ සංචාරයක නිරතවිය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානිතුමන් අනතුරින් විපතට පත්වූවන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරමින් ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ලදී.