Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා ටෙනිස් ක්‍රීඩකයින් ජාතික ටෙනිස් ශුරතාව දිනාගනී

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය මගින් සංවිධානය කරන ලද ජාතික ටෙනිස් ශුරතාවලියේ සහතික පත් හා පදක්කම් පිරිනැමිමේ උත්සවය අඟහරුවාදා (5) දින කොළඹ 7, ටොරින්ටන් පෙදෙසේ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් සංකීර්ණයේදී පවත්වන ලද අතර එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ශුරතාවය දිනාගන්නා ලදී.

මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටෙනිස් සමාජය නියෝජනය කරමින් යුද්ධ හමුදා ටෙනිස් ක්‍රීඩකයින් සමස්ථ ශුරතාවය දිනාගත් අතර අවසන් තරගයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම අනුශූරතාවයට පත්කරමින් යුද්ධ හමුදාව සුරයන් බවට පත්විය.

එස්එස්සී ටෙනිස් සමාජය, ගුවන් හමුදා ටෙනිස් සමාජය, ශ්‍රී ලංකා ටෙනිස් සමාජය සහ කොස්මෝ ටෙනිස් සමාජය මෙම තරඟාවලිය සඳහා සහභාගි වුහ. මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටෙනිස් සමාජය නියෝජනය කරමින් විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් එම්.එච්.එස්.ආර් හේමන්ත, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බඩියර් බි.එම්.සි උත්පල කුමාර, ලාන්ස් බොම්බඩියර් ආර්.එම්.එස් සේනානායක, විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එස්.ඒ.එන් පුෂ්පකුමාර, ලාන්ස් කෝප්‍රල් පී.ජි.එම් සමරවීර සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රයිෆල් සෙබළ ආර්.ඒ.ජී.කේ.කේ රාජපක්‍ෂ සහභාගි වුහ.

මෙම සහතිකපත් හා කුසලාන ප්‍රදානය කිරිමේ උත්සවය සඳහා යුද්ධ හමුදා ටෙනිස් කමිටු සාමාජිකයින්, ශ්‍රී ලංකා ටෙනිස් සංගම් නිලධාරින් සහ ක්‍රීඩාලෝලින් විශාල පිරිසක් එක්ව සිටියහ.

buy shoes | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp