Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි කරගනියි

මීගමුව වෙරළ තීරයේදී ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින පැවති ආරක්‍ෂක සේවා ‘වෙරළ වොලිබෝල් ශූරතාවලිය - 2020’ හි ශූරතාවය වසර ගණනාවකින් පසුව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් ක්‍රීඩිකාවන් සමත් විය.

මෙම ජයග්‍රහණය පිළිබඳ තොරතුරු සැලවීමත් සමගම වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කඩිනමින් ක්‍රීඩිකාවන් හට සිය සුභපැතුම් එක් කරනු ලැබිණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා වොලිබෝල් ක්‍රීඩිකාවන්ට එරෙහිව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් ඉතා සමීප හා අභියෝගාත්මක තරඟයක නියැලුනු අතර වසර ගණනකට පසුව ඔවුන්ගේ දස්කම් නැවත පණගන්වමින් ශූරතාවය ඩැහැගැනීමට ඔවුහු සමත්කම් දැක්වූවෝය.

මේ අතර, ගුවන් හමුදා වොලිබෝල් ක්‍රීඩකයින්ට එරෙහිව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් අතර අවසන් මහා තරඟය ලෙස පැවති තියුණු තරඟයකින් අනතුරුව යුද්ධ හමුදා ක්‍රීඩකයින් අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය. jordan Sneakers | Air Jordan Release Dates 2021 Updated , Gov