Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st April 2024 13:20:51 Hours

යුද්ධ හමුදා ක්‍රීඩා කමිටු සාමාජිකයින් සඳහා ගිණුම්කරණ වැඩමුළුවක්

යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී.ඒ.ටී. ගොඩේවත්ත ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත එම ක්‍රීඩා කමිටුවේ සාමාජිකයින් සඳහා ගිණුම්කරණය පිළිබඳ දේශනයක් යුද්ධ හමුදා ක්‍රීඩා ගම්මාන සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සෙනසුරාදා (මාර්තු මස 27) සංවිධානය කරනු ලැබීය.

දේශනය පැවැත්වීමේ මූලික අරමුණ වූයේ මෙම කමිටුවේ සාමාජිකයින්ගේ යුද්ධ හමුදා රාජකාරීන් සඳහා වූ අදාළ ගිණුම්කරණ කටයුතු පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමයි. මෙම දේශනය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මේජර් ජේ.පී.එම්. ගමගේ විසින් පවත්වන ලදී.

දේශන සැසිය සඳහා නිලධාරීන් 06 දෙනෙකු සහ සෙසු නිලයින් 35 දෙනෙකු සහභාගී වූහ.