Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන් පුහුණු වැඩමුළුවක

ශ්‍රී ලංකා ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ සම්බන්ධීකරණයෙන් ඉකුත් අඟහරුවාදා (29) දින ‍පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති එක්දින පුහුණු වැඩමුළුවකට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන් සහභාගී වූහ.

ශ්‍රී ලංකා ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ සභාපති සංජය ජයසිංහ මහතා, උප සභාපති ෆසාල් මොහොමඩ් මහතා සහ ශ්‍රී ලංකා ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ ලේකම් ජගත් ප්‍රේමචන්ද්‍ර මහතා විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලකුණු සටහන්කරුවන් 30 දෙනෙකු සහභාගී වූහ.

මීට ප්‍රථම, වර්ෂ 2015 දී පවත්වන ලද ලිඛිත හා ප්‍රායෝගික පරීක්‍ෂණය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 22 ක් සහභාගී වු අතර ඉන් 17 දෙනෙකුම සමත් විය. Nike shoes | Nike Running