Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා කඹ ඇඳීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තායිලන්තයේ දී දස්කම් දක්වයි

තායිලන්තයේ අයොත්‍යයා නුවර ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් මස 13 සිට 16 දින දක්වා පැවැති 14 වන ආසියානු ගෘහස්ථ කඹ ඇඳිමේ තරඟාවලියේ කිලෝග්‍රෑම් 500 කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තෙවන ස්ථානය හිමිකරගත් අතර ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තරඟාවලියේ සිව්වන ස්ථානය හිමිකරගත්හ.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ ක්‍රීඩකයින් අතරින් බහුතරයක් යුද්ධ හමුදා ක්‍රීඩකයන් වෙයි.

එමෙන්ම, 4 වන දකුණු ආසියානු කඹ ඇඳිමේ තරඟාවලිය - 2019 දී දක්‍ෂතාවයන්, වේගය සහ බලය පෙන්වමින් කාන්තා සහ පිරිමි අංශයේ ශූරතාවය හිමිකරගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම් සමත්වූහ. Adidas footwear | Womens Shoes Footwear & Shoes Online