Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා කන්තා ක්‍රීඩිකාවන්ට එල්ලේ තරඟාවලියේ ශුරතාවය

කුමාරකට්ටු ඒකාබද්ධ ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කළ‘එල්ලේ තරඟාවලිය - 2017’ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ක්‍රීඩිකාවන්ට පහසු ජයක් හිමි කරගත්හ.

සෙනසුරාදා (01) දින කුමාරකට්ටු මහජන ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරඟයේ දී කුමාරකට්ටු ඒකාබද්ධ ක්‍රීඩා සමාජය ඉනීමකින් සහ ලකුණු 17 කින් පරාජයට පත් කරමින් ඔවුහු මෙම ජයග්‍රහණය හිමි කරගනු ලැබීය.

එහිදි, ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කුමාරකට්ටු ඒකාබද්ධ ක්‍රීඩා සමාජය ලකුණු 03 ක් රුස් කරගත් අතර, පිළිතුරු ඉනීම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ක්‍රීඩිකාවන් පළමු ඉනීමේ දී ලකුණු 23 ක් ලබා ගත්හ. නැවත දෙවන ඉනීම ක්‍රීඩා කළ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමට එහිදිත් රුස්කර ගත හැකිවුයේ ලකුණු 03 ක් පමණි.

තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ලාන්ස් කෝප්‍රල් පි.ආර්.ප්‍රියංගනි ද වැඩිම ලකුණු ලාභියා ලෙස ලාන්ස් කෝප්‍රල් සඳමාලි ද තේරි පත් විය. එහිදි කාන්තා සෙබළ මනතුංග හොඳම කඩඉම් රකින්නා සම්මානය හිමි කරගත්හ. යුද්ධ හමුදා කාන්තා ක්‍රීඩිකාවන් ශුරතාව හිමිකරගත් මෙම තරඟාවලිය නැරඹිම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියහ.

Nike Sneakers Store | FASHION NEWS