Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මෝටර් රථ ධාවන තරඟාවලිය ඉතා උණුසුම් මුහුණුවරකින් නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුව විසින් 4 වන වරටත් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු මෝටර් රථ ධාවන තරඟාවලිය - 2020 ප්‍රේක්ෂකයින් මහත් උද්යෝගයට පත් කරමින් ඉකුත් සෙනසුරාදා (29) දින සෙවනගල ඔටෝ-ඩ්‍රෝම් ධාවන පථයේදී පැවැත්විණි.

මෙම දැවැන්ත ධාවන තරඟාවලියේදී රෙජිමේන්තු 11 ක් නියෝජනය කරමින් සහභාගි වූ ධාවකයින් කරට කර ගැටෙමින් තරඟ වැදුණු අතර මෙම තරඟාවලිය මෝටර් රථ ක්‍රීඩා දින දර්ශනයේ නව අංගයක් වූ බැවින් වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සහයෝගය ඇතිව තරඟාවලිය 4 වන වරටත් සාර්ථක අයුරින් වට තරඟාවලිය පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සහභාගි වූ අතර සෙනසුරාදා (29) දින පැවැති මෙම තරඟාවලියේදී යුද්ධ හමුදා ධාවකයින් සියගණනකගේ දක්‍ෂතා දැකබලාගැනීම සඳහා උඩවලව ධාවන පථයට විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගී වූහ.

සියලුම ධාවකයින් කුසලානය සඳහා යතුරුපැදි ධාවන ඉසව් 6 ක් යටතේ තරඟ වැදුණු අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සම්බන්ධීකරණයෙන් මෙම තරගාවලිය පැවැත්විණි. මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා පාබල හමුදාව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගජබා රෙජිමේන්තුව, විජයබාහු පාබල රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය නියෝජනය කරමින් ධාවකයින් රැසක් සහභාගි වූහ.

තවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් අයි.ඕ.ඩබ්ලිව්. මාදොළ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද මෙම තරඟාවලිය නැරඹිම සඳහා සහභාගී වූහ.

මෙම වසරේ තරඟාවලියේ හොඳම රෙජිමේන්තුව ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව තේරීපත්වූ අතර හොඳම ධාවකයින් ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් එච්.එම්.ජේ.එස්. ප්‍රේමරත්න සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කාර්මික සෙබළ කේ.ඒ.ඩි.ආර්. ජයසිංහ විසින් සම්මාන දිනා ගන්නා ලදී. Best jordan Sneakers | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!