Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුව මගින් සංවිධානය කරනු ලබන යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ‘බි’ කොටසේ ක්‍රිකට් තරඟාවලියේ තරඟ කිහිපයක් ජුනි මස 12 සහ 13 දිනයන්හිදි පනාගොඩ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු ක්‍රිඩාංගණයේ දී සහ මත්තේගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු ක්‍රිඩාංගණයේ දී පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර ගේ මඟපෙන්වීම යටතේ මෙම ක්‍රිකට් තරඟාවලිය සංවිධානය කළ අතර, මෙහි අවසන් වටය ජුලි මාසයේ දි පැවැත්විමට නියමිතය.

සඳුදා (12) දින පැවති තරඟයේ දි ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු ක්‍රිකට් කණ්ඩායම ලකුණු 7 කින් පරාජයට පත් කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය හිමි කරගත් අතර, අඟහරුවාදා (13) දින පැවති තරඟයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා කණ්ඩායම විසින් ශ්‍රී ලංකා සංඥා බලකා කණ්ඩායම කඩුලු 6 කින් පරාජයට පත් කළහ. එමෙන්ම, තුන්වන වටයේ තරඟයකදි සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම ලකුණු 58 කින් පරාජයට පත් කිරිමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුව මගින් යුද්ධ හමුදා සමාජිකයන් හට පුහුණුවිම් සහය ඇතුළු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඔවුන් අතර, ක්‍රිකට් ක්‍රිඩාව ජනප්‍රිය කිරිම සඳහා කටයුතු කරනු ලබයි.

latest Running | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ